වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදාධිපති වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ රණවිරුවන් හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව, වැලිසර නාවික රණවිරු රැකවරණ මධ්‍යස්ථානයේ (Anchorage Naval Care Center) නේවාසිකව සිටින නාවික රණවිරුවන් හමු වීම සඳහා අද (2025 දෙසැම්බර් 10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

10 Dec 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම 2025 දෙසැම්බර් 09 වැනි දින සිදුකෙරුණු අතර, නයාරු කලපුව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ පුද්ගලයින් හාරසිය පනහක් (450) සහ යතුරුපැදි තිස්තුනක් (33) 2025 දෙසැම්බර් 09 වැනි දින ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Dec 2025

නාවික හමුදාධිපති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාව සඳහා දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහනව වැනි (19) මාණ්ඩලික පාඨමාලාව සඳහා දේශනයක් පැවැත්වීම, 2025 දෙසැම්බර් මස 08 වැනි දින එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී සිදුකෙරිණි.

10 Dec 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සිට නිල වශයෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරයට සමඟාමීව නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි, අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ තුන්වැනි කොටසෙහි (Block No 3) සිට නිල වශයෙන් ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නා‍ගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා හා හිටපු නාවික හමුදාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් යුතුව අද (2025 දෙසැම්බර් 09) අකුරේගොඩ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ, නාවික හමුදා මූලස්ථානයෙහි ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි.

09 Dec 2025

75 වැනි නාවික හමුදා දිනය වෙනුවෙන් ශ්‍රී දළඳා මාලිගාවේ ආගමික වතාවත් සිදුකෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීම 2025 දෙසැම්බර් මස 08 දින සහ දළඳා සමිඳුන් උදෙසා දානමය පුණ්‍යකර්මය පැවැත්වීම අද දින (2025 දෙසැම්බර් 09) සිදුකෙරිණි.

09 Dec 2025

මානුෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදා නෞකා 04 ක් දිවයිනට පැමිණෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවේ, INS GHARIAL යුද නෞකාව සහ ගොඩ බෑමේ නෞකා තුනක් (03), 2025 දෙසැම්බර් මස 07 සහ 08 දින දිවයිනට පැමිණි අතර, ශ්‍රිලංකා නාවික හමුදාව විසින් එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම ත්‍රිකුණාමලය වරායේදී සහ කොළඹ වරායේදී සිදු කෙරිණි.

09 Dec 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් 2086 ක් වෙත උසස්වීම්

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය, නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි 2025 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සමරන ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශය මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

09 Dec 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 06) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහන සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.

06 Dec 2025

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ ජන ජීවිතය යතාතත්වයට පත්කිරීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන නාවික හමුදාව වෙතින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අද දිනයේ (2025 දෙසැම්බර් 05) පුත්තලම, අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය, බදුල්ල සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආපදා සහ සැලසීම හා මානුෂිය ආධාර මෙහෙයුම් සඳහා නාවික හමුදාව දායක විය.

05 Dec 2025

කොත්මලේ ප්‍රදේශයේ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, අයහපත් කාළගුණයෙන් ආපදාවට පත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ, සංගිලි පාලම, පාළුවත්ත, කොන්ඩාගල සහ නියන්ගන්දර ජනතාව වෙත වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, කොත්මලේ ජලාශය ඔස්සේ ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදාව අද (2025 දෙසැම්බර් 05) සහය විය.

05 Dec 2025