වැදගත් සිදුවීම්
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 33 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි හතර දෙනෙක් (24) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 10 වැනි දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
11 Apr 2026
දකුණු මුහුදේදී අසාධ්‍ය වූ ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 අප්‍රේල් මස 09 වැනි දින උදෑසන කටයුතු කෙරිණි.
10 Apr 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1153 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2026 අප්‍රේල් මස 08 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
10 Apr 2026
අපොස උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ නාවික පුද්ගලයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ
2024 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ 2025 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ සේවයේ නියුතු සහ ආබාධිතව විශ්‍රාමිකව සිටින නාවික හමුදා පුද්ගලයින්ගේ දරුවන් පන්සිය පනස් දෙදෙනෙක් (552) වෙත නාවික හමුදා සුභසාධක අරමුදලේ දායකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට කටයුතු කෙරුණු අතර, සංකේතාත්මකව ශිෂ්‍යත්වලාභී දරුවන් දහතුන් දෙනෙක් (13) වෙත ශිෂ්‍යත්ව ප්‍රේෂණ පත් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් මස 06 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
08 Apr 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක්
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ 2026 අප්‍රේල් මස 02 සහ 03 දෙදින පුරා පැවති ආගමික ආගමික වැඩසටහන් මාලාවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් 2026 අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ සුමධුර ධර්මදේශනාවක් පැවැත්වීමෙන් අනතුරුව, 2026 අප්‍රේල් මස 03 වන දින ගරුතර මහා සංඝරත්නයේ තිස් දෙනමක් (32) වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීමද සිදුකෙරිණි
07 Apr 2026
නාවික හමුදාවේ මුලිකත්වයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් කොළඹ වරාය UCT ජැටියේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 31 වන දින කොළඹ වරායේ යුනිටි බහාලුම් පර්යන්ත (UCT) ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
07 Apr 2026
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රොහාන් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රොහාන් දිසානායක අද (2026 ජනවාරි 06) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
06 Apr 2026
හම්බන්තොට වරාය පරිශ්‍රය තුල රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව පිළිබඳව සාර්ථක පුහුණු අභ්‍යාසයක් නාවික හමුදාව මූලිකත්වයෙන් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) උපද්‍රව අවස්ථාවන්හිදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ පුහුණු අභ්‍යාසයක්, 2026 මාර්තු 04 වන දින සිට 13 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේදී හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ බහාලුම් අංගනයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
06 Apr 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගල්නෑවේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනුරාධපුර නෑගම සිරිසුමන විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 මාර්තු මස 27 වන දින සිදු කෙරිණි.
31 Mar 2026
විදේශීය නෞකා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා නාවික හමුදාව විසින් රැගෙන එයි
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, චීන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක, හදීසි වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේද සහයෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට 2026 මාර්තු මස 27 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
28 Mar 2026


