වැදගත් සිදුවීම්

කොළඹ අගරදගුරුතුමන් නව නාවික හමුදාධිපති හට ආශිර්වාද පතයි

නව නාවික හමුදාධිපති ධූරයේ පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (24) කොළඹ අගරදගුරු නිල නිවසේදී, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් හමුවිය.

25 Aug 2015

‍ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේඒ ඥානවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

25 Aug 2015

පොලිස්පතිතුමා නව නාවික හමුදාධිපතිතුමන් සාදරයෙන් පිළිගනියි

20 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික වශයෙන් සිදු කෙරෙන නිල හමුව සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (24) දින පොලිස් මූලස්ථානයේදී පොලිස්පති එන්කේ ඉලංගකෝන් මහතා හමුවිය.

24 Aug 2015

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ

මේජර් ජෙනරාල් ආර්පීඑස් බහදූරියා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

24 Aug 2015

ජනපතිතුමා ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උදෑසන ත්‍රිකුණාමළය නාවික කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

24 Aug 2015