වැදගත් සිදුවීම්
2015 අන්තර් විධාන රග්බි තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය දකුණු නාවික විධානයත් දිනා ගනියි
2015 අගෝස්තු මස 28 වන දින සිට 30 වන දින දක්වා වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් පුහුණු විධානය පරාජයට පත්කරමින් නැගෙනහිර නාවික විධානය ˝කුසලාන˝ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.
31 Aug 2015
මුහුදේ දී අනතුරටපත් ශ්රී ලාංකික ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව බේරා ගනී
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්රියාත්මක වූ නාවික හමුදාව, හම්බන්තොට ප්රදේශයට කිලෝමීටර් 63 ක් (නාවික සැතපුම් 35ක්) පමණ ගිනිකොන දෙසින් වූ මුහුදු ප්රදේශයේදී යාන්ත්රික දෝෂයක් හේතුවෙන් අනතුරට පත් ˝මනුසත්˝ සහ ˝ඉසුරු පුතා 03˝ නැමති බහුදින ධීවර යාත්රාවන් සහ එහි සිටි ධීවරයින් දස දෙනෙකු බේරා ගැනීම සඳහා 28 වන දින සවස ශ්රී ලංකා නාවික හමුදාවේ ˝උදාර˝ නෞකාව පිටත්කර හැරියේය.
30 Aug 2015


