වැදගත් සිදුවීම්
හදිසි අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බැඳුනු සිවිල් ඉංජිනේරු කාර්මික ජේඑස් ජයසිංහ යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ බිරිඳ වෙත ලබාදෙන ලදී.
31 Aug 2015
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් කිම් චෝල් හ්වෑන් මහතා අද දින (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
31 Aug 2015
අසූව දශකයේ රග්බි ක්‍රීඩකයින් හට නාවික හමුදාධිපති සුභපතයි
අසූව දශකයේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ, මේ වන විට නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින රග්බි ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ කෙටි උත්සවයක් වැලිසර නාවික හමුදා රග්බි පිටියේ ඊයේ (30) පැවති අන්තර් විධාන රග්බි තරඟාවලිය අතරතුරදී පැවැත්විණි.
31 Aug 2015


