වැදගත් සිදුවීම්
මුහුදු කූඩැල්ලෝ කිලෝ 932ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී
වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 932ක් සමග සැකකටයුතු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සමත්විය.
16 Sep 2015
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ප්‍රවාහන සහායක නාවිකයකු වශයෙන් රාජකාරී කළ ඩීඑම්සී දිසානායක යන නාවිකයා, දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.
15 Sep 2015


