විදෙස් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සංවිධානය කරනු ලබන 2015 හර්මන් ලූස් කඳවුර නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය හා පාකිස්ථානය යන රටවලට අයත් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් අද (13) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානී මේජර් මිර්ෂා ජහන්ගිර් හොසේන්, ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානී කර්නල් ජයචන්ද්‍රන් නායිර්, නේපාල කණ්ඩායමේ ප්‍රධානී කපිතාන් රාධිකා බිස්ටා, මාලදිවයින් කණ්ඩායමේ ප්‍රධානී පළමු ලුතිනන් ඊබ්‍රහිම් ෆර්හාඩ් සහ පාකිස්ථාන් කණ්ඩායමේ ප්‍රධානී බ්‍රිගේඩියර් අබ්දුල් හායේ යන නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවී සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාවට එම රටවල ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යභට නිලධාරීන් ද එක්විය. ජාතික ශිෂ්‍යභට බලකාය විසින් සංවිධානය කරනු ලබන තරුණ වැඩසහන යටතේ පැමිණි මෙම කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතිශයින්ම සාර්ථක වේවායි නාවික හමුදාධිපතිතුමන් වෙනුවෙන් සිය සුභපැතුම් එක්කරන බව රියර් අද්මිරාල් රණසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
මෙම විදෙස් ශිෂ්‍යභට නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදාවේ ඉතිහාසය, දැක්ම හා මෙහෙයුම් පිළිබඳව මෙන්ම නාවික හමුදා නෞකා සහ යාත්‍රාවන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්වුනු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධයෙන් ඔවුනට ඇති ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා ගැනීමට අවස්ථාවද ලැබිණි. ඉන් අනතුරුව මෙම පිරිසට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව නැරඹීමේ අවස්ථාව ද ලබාදෙන ලදී.





