වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය, මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීම සඳහා නියමු මෙහෙවරක යෙදී සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.

14 Oct 2015

මවගේ ජීවිතය බේරාගත් රොමේෂ්ගේ වීර ක්‍රියාව නාවික හමුදාවේ ඇගයුමට

ජීවිතය පරදුවට තබා මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සටන් කළ යාය 2, දික්වැව, සේනපුර ලිපිනයේ පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයා හට ඔහු විසින් කළ අභීත ක්‍රියාව ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි නාවික හමුදාව විසින් රුපියල් 50,000ක ප්‍රේෂණපතක් ලබාදෙන ලදී.

14 Oct 2015

විදෙස් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් සංවිධානය කරනු ලබන 2015 හර්මන් ලූස් කඳවුර නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ‍නේපාලය හා පාකිස්ථානය යන රටවලට අයත් ශිෂ්‍යභට නිලධාරීන් පිරිසක් අද (13) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

13 Oct 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 04ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී.

13 Oct 2015