වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

පේදුරු තුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (14) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

14 Oct 2015

ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනයක් උතුරු මැද නාවික විධානයේ විවෘත කරයි

පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අළුතින් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය 2015 ඔක්තෝබර් මස 12 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලදී.

14 Oct 2015

ඇමරිකානු නාවික හමුදාව විසින් දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළයේදී

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශ නාවිකයින් සඳහා දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේදී පවත්වන ලදී.

14 Oct 2015