ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී, කොමාණ්ඩර් අලි බින් සුලායිමන් බින් අබ්දුල්ලා අලි රාවහි මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඕමාන් නාවික හමුදා සාමාජිකයින් හට ලබා දෙනු ලබන තාක්ෂණික පුහුණුව සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති කොමාණ්ඩර් අල් රවාහි මහතා ත්‍රිකුණාමලය නාවික තටාකංගනයේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පුහුණුව හා ඇගයීම් කටයුතු පිළිබඳ අධ්‍යනය කිරීමට ද නියමිතය.