නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදාධිපති හමුවෙයි
නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත ආරක්ෂක උපදේශක කර්නල් ඇලර්ඩ් වේග්මාර්කර් මහතාද ඇය සමග එම අවස්ථාවට එක්විය.
එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.





