ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
ජපාන නාවික හමුදාවට අයත් “අකිසුකි” හා “සවගිරි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (27) කොළඹ වරායට සේන්දු විය.
ජපන් නාවික හමුදාවේ පස්වන ආරක්ෂක ඒකක අණදෙන නිලධාරී කපිතාන් “ෆුටෝශි ටොයොසුමි” සහ නෞකා ද්විත්වයේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් “යසුහරු අසෝවු” සහ කොමාණ්ඩර් “ටසුයොශී සාටෝ” යන නිලධාරීන් අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. මෙහිදී ද්විපාර්ශිකව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට සෝමාලියානු ක්‍රියාන්විත විමර්ශන කණ්ඩායමේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් හිරෝකි නගසාවා මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් “මොටොට්ෂුගු ශිගෙකාවා” මහතා ද එක්විය.
නොවැම්බර් මස 30 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත “අකිසුකි” හා “සවගිරි” යන නෞකාවන්, වෘත්තීමය හැකියාවන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් නාවික හමුදාව සමග කෙටි නාවික අභ්‍යාසයක නිරතවීමට ද නියමිතය.






