ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට පොලී රහිත ණය ප්රදානය කෙරේ
කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජ්‍යෙෂ්ඨ නාවිකයින් 400 දෙනෙකු හට රුපියල් ලක්ෂ 5 බැගින්වූ පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීම අද (01) සිදු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව, දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන 65වන නාවික හමුදා දිනය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. එහි පලමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨතාවය අනුව තෝරාගත් නාවිකයින් 400 දෙනෙකු ඊට අදාල චෙක්පත් ප්රදානය කෙරුණු අතර, ණය මුදල් පියවීමට, නිවාසයන්හි අළුත්වැඩියාවන් සිදුකරගැනීමට මෙන්ම දූදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඇතුළු වෙනත් මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මෙය ඔවුනට ඉතා අගනා අවස්ථාවක් වේ.
නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.





