65 වන නාවික දිනය නිමිත්තෙන් පැවති ක්‍රිස්තියානි දේව මෙහෙය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශාන්ත ලුසියා දෙව්මැදුරේදී ක්‍රිස්තියානි දේව මෙහෙයක් දෙසැම්බර් මස 01 දින පැවැත්විණි. කොළඹ සහායක අගරදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් විසින් පවත්වන ලද මෙම ආගමික වැඩසටහනේදී නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින්ටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි. හිටපු නාවික හමුදාධිපතිවරුන් කිහිපදෙනෙක්ද, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාද, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.











