65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද මුස්ලිම් ආගමික වැඩසටහන් අද (02) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින්ටත් අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට අධ්යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා මහතා, නාවික හමුදා මුස්ලිම් සංගමයේ සභාපති, කපිතාන් අක්රම් අලවි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.
දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම, ආගමික වැඩසටහන් හා නාවික හමුදා සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් සමරනු ලබයි.








