නාවික හමුදා 65 වන සැමරුම නිමිත්තෙන් පැවති හින්දු ආගමික වැඩසටහන
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (02) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.
බටහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හින්දු ආගමික වැඩසටහනේදී නාවික හමුදාවට හා සියලුම නාවික පුද්ගලයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.








