නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
කල්පිටිය, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කුදිරමලෙයි සහ කරෙයිතිව් අතර මුහුදු ප්රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්රා 3ක් ඊයේ (03) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී හැඹිලි දැලක්, ඔක්සිජන් සිලින්ඩර් 6ක්, කිමිදුම් වරල් යුගල් 4ක්, කිමිදුම් වා උපකරණ 4ක් සහ කිමිදුම් මුහුණු ආවරණ 4ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.


