නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමාට උපහාර දක්වයි
නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (30) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය. එහිදී නාවික හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂිකා, දේවිකා ලියනගේ මහත්මිය විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සිය ධූර කාලය තුළ නාවික හමුදාවේ උන්නතිය වෙනුවෙන් නාවික හමුදාධිපතිතුමන් සිදුකරනු ලබන සියලු කාර්යභාරයන් සාර්ථක කර ගැනීම සඳහා සිවිල් කාර්ය මණ්ඩලයේ උපරිම සහයෝගය ලබාදෙන බවද එහිදී සඳහන් කළ ඇය, සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සුභාශිංසන ද නාවික හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබුවාය.
ඉන් අනතුරුව සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, නාවික හමුදාවේ රාජකාරීන් හා පරිපාලන කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහා ඔවුන් දක්වන සහයෝගය හා කැපකිරීම් පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කරන ලදී. නාවික හමුදාවේ උන්නතිය සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සුභසාධනය ඉහළ නැංවීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා සිවිල් සේවා කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ සේවය හා නොමද දායකත්වය අපේක්ෂා කරන බවද එතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
එම උත්සවයට සමගාමීව නාවික හමුදාධිපතිතුමන් විසින් සිවිල් සේවක මහත්ම මහත්මීන් 13 දෙනෙකු හට පත්වීම් ලිපි ප්රදානය කිරීමක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිවිල් පරිපාලන අධ්යක්ෂ තුමිය විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.
නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සිවිල් පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.











