ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන් රැසක් පැවැත්වෙයි
2016 ජනවාරි මස 08 වන දිනට යෙදුනු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජනපති පදවිප්‍රාප්ති වර්ෂ පූර්ණය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එයට සමගාමීව සියළුම නාවික විධානයන්හි ද රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.
තවද, ජනාධිපතිතුමා ඇතුලු රජයට සෙත්පතා බෞද්ධ මධ්‍යස්ථාන ඇතුළු ආගමික ස්ථාන රැසක සර්ව ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, එම අවස්ථාවන්ට නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගී විය.
පරිසරය සුරැකීම හා වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නිරන්තර කැපවීමෙන් හා අවධානයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය වර්ෂය තුළ රුක් රෝපණ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් හරිත ව්‍යාපෘතිය යටතේ මතු පරපුරෙහි ප්‍රයෝජනය සඳහා දිවයින පුරා පිහිටි නාවික කඳවුරු පරිශ්‍රයන් හි පැළ 32000ක් පමණ රෝපණය කිරීමට කටයුතු කර ඇත.
















