කෝටියක් පමණ වටිනා නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 950 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට
ඉන්දියාවේ සිට කුඩා යාත්රා මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කර කල්පිටිය කප්පල්අඩි ප්රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මුහුදු කූඩැල්ලන් කිලෝ ග්රෑම් 950 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (8) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය සහ පුද්ගලයන් නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දෙන ලදී.


