වැදගත් සිදුවීම්

ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය” කෘතිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
 

ශ්‍රී ලංකාවේ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදායන් හා පිළිවෙත් පිළිබඳව දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලුතිනන් කොමාණ්ඩර් ඉෂාර කරුණාරත්න විසින් රචිත “ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන සම්ප්‍රදාය” නැමති කෘතියෙහි පළමු පිටපත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

18 Jan 2016

අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉන්දීය නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ

ඉන්දීය නාවික හමුදාවේ “තරංගිනී” හා “සුදර්ශිණී” යන රුවල් වර්ගයේ පුහුණු නෞකාවන් ද්විත්වය අන්තර් පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් අද (17) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට අනුව එම නෞකාවන් පිළිගන්නා ලදී.

17 Jan 2016

චීන නාවික හමුදාවට අයත් නෞකා තුනක් කොළඹ වරායට පැමිණේ
 

චීන නාවික හමුදාවට අයත් “ලියුෂූ” “සැන්යා” සහ “කින්හායු” යන නෞකාවන් අද දින (17) කොළඹ වරායට සේන්දු විය.

17 Jan 2016

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට
 

කරෙයිනගර් ප්‍රදේශයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගන්නා ලදී.

17 Jan 2016