ශ්රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
කල්පිටිය, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 6 දෙනෙකු සමග ඩිංගි යාත්රාවන් 02 ක් සහ සුරුක්කු දැල් 02 ක් සමග ඊයේ (18) බත්තලංගුන්ඩුව සහ කුදිරමලෙයි තුඩුව අතර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

