ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී සහ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ “වික්‍රමාදිත්‍ය” සහ “මයිසූර්” නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කපිතාන් කේ ස්වාමිනාදන් මහතා හා කපිතාන් එම් පෝල් මහතා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කතා බහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.







