රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නෞකාවන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක සෙබළුන් සිහිකිරිම සඳහා ඉදිකර ඇති විශේෂ ස්මාරකය වෙත අද (23) උදෑසන පුෂ්පෝපහාර දක්වන ලදී.
ශ්‍රී ලංකාව තුළ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටියදී සටනේ දී ජීවිත පූජා කළ ඉන්දීය රණවිරුවන් හට උපහාර දැක්වීම සඳහා සිදු කෙරුණු මෙම පුෂ්පෝපහාරය සඳහා බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ද සහභාගී විය.



