ඉන්දීය නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්
සිව් දින නිල සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කොළඹ වරායෙන් පිටත්ව යන ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් සමග පැයක 5ක නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි. එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර සහ සමුදුර නෞකාවන් සමග වේග ප්‍රහාරක යාත්‍රා 3ක් ද එක් විය.
මෙම නාවික අභ්‍යාසය කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට දෙරටෙහි නාවික හමුදාවන්ට ඉතා වැදගත් වේ. මෙහිදී නෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස මෙන්ම සන්නිවේදන අභ්‍යාසයන් ද සිදු කෙරිණි.


























