අතිගරු ජනාධිපතිතුමන් “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක
අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන වික්‍රමාදිත්‍ය නෞකාවේ ජනවාරි මස 23 වන දින සංචාරයක නිරත විය.
නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී, ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා සහ වික්‍රමාදිත්‍ය නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ක්‍රිශ්ණා ස්වාමිනාදන් මහතා විසින් අතිගරු ජනාධිපතිතුමන් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. එහිදී ඉන්දීය නාවික හමුදාවේ උත්තමාචාරයක් ද අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනැමිණි.
මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතිගරු වයිකේ සින්හා මහතා ද සහභාගී විය. ජනපතිතුමන් ලෙස පත්වීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් නෞකාවක සිදු කළ පළමු සංචාරය මෙයවේ. නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයෙන් පසුව අතිගරු ජනාධිපතිතුමන් නෞකාවේ අමුත්තන් සඳහා තබා ඇති සමරු පොතේ සටහනක් ද තබනු ලැබීය.





















