ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් (ආරක්ෂා කිරීමේ සහ මුදවාගැනීම්) වයිස් අද්මිරාල් හිරොයුකි නකානෝ මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
වයිස් අද්මිරාල් නකානෝ මහතා JICA ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “සමුද්‍රිය පරිසරය සුරැකීම හා සමුද්‍රිය ව්‍යසන මැඩලීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග” පිළිබඳව දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීමේ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.





