හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා හෘද රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සහ සාගර ප්‍රදේශයේ සාගරික මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව කුවේට් සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබූ වීනස් ආර් නෞකාවේදී හෘදයාබාධයකට ලක්වූ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට සමත්විය. එම නෞකාව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පී 464 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ඒ සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඒ අනුව රෝගියා අද (28) උදෑසන හදිසි ප්‍රථිකාර සඳහා හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මූලස්ථානය වෙතින් ලබාදුන් උපදෙස් වලට අනුව හම්බන්තොටට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික සැතපුම් 30 ක් පමණ දුරක සිට රෝගියා ගොඩබිම වෙත කඩිනමින් රැගෙන ඒමට කටයුතු කළ අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු හම්බන්තොට මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.



