නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ නාවික හමුදාපතිතුමන්, ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව නාවික හමුදාධිපතිතුමන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහ නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීමටද කටයුතු කළේය.