නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 27 වන දින නොරෙච්චෝලේ සහ උඩප්පුව යන මුහුදු ප්රදේශයන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු සමග ඩිංගි යාත්රා 6 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් සුරුක්කු දැලක්, කිමිදුම් වරල් යුගල් 2ක්, කිමිදුම් ඇස් ආවරණයක් සහ G.P.S යන්ත්ර 02 ක්ද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.



