වැදගත් සිදුවීම්

ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Feb 2016

රාජාංගනය ජලාශයේ අක්‍රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි
 

සතියක පමණ කාලයක් අක්‍රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්‍රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්වයට පත් කිරීමට හැකි විය.

03 Feb 2016