රාජකීය ඕමාන් නාවික හමුදාවේ යුද නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණෙයි
රාජකීය ඕමාන් නාවික හමුදාවේ “අල් ෂමීක්” සහ “අල් සීබ්” යුධ නෞකාවන් සුහදතාවය වර්ධනය කර ගැනීම හා ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණින් අද (12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
පසුගිය ජනවාරි 22 වන දින සිට පෙබරවාරි 9 වන දින දක්වා ඉන්දීය නාවික හමුදාව හා ඕමාන් රාජකීය නාවික හමුදාව එක්ව අරාබි මුහුදේ සිදු කෙරුණු “නසීම් අල් බහර්” නාවික අභ්‍යාසයට සහභාගීවීමෙන් පසුව සිය රට බලා නැවත යන අතරවාරයේදී මෙම නෞකාවන් කොළඹ වරායට පැමිණ ඇත. හෙට (13) උදෑසන මෙම නෞකාවන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.





