නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් දාහත්දෙනෙකු අත්අඩංගුවට
කල්පිටිය, ක්ෂණික ක්රියාකාරී යාත්රා බළඝණ මූලස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) උච්චමුනිය සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් දාහත් දෙනෙකු සමග ඩිංගි යාත්රා 5 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් කිමිදීම සඳහා භාවිතා කරනු ලබන පා වරල් යුගල් 7 ක් G.P.S යන්ත්ර 5 ක්, කිමිදීම සඳහා යොදාගන්නා ඔක්සිජන් ටැංකි 31 ක් සහ හක්බෙල්ලන් 18 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.


