ගාල්ල මකුළුව විහාරස්ථානයේ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය නාවික හමුදාධිපතිතුමන් විසින් සඝසතු කෙරේ
ගාල්ල, මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක, ආචාර්ය ගරු කෙරදේවෙල පුඤ්ඤරතන නායක හිමිපාණන්ගේ ආරාධනාවකට අනුව, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී චන්දරතනාභිධාන අනුස්මරණ භික්ෂු ගිලානෝපස්ථාන මන්දිරය අද (14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් සඝසතු කරන ලදී.
දීර්ඝ කාලීනව ගිලන්ව ප්‍රථිකාර ලබන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එම ප්‍රදේශයේ දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම ගිලානෝපස්ථාන මන්දිරය සඝසතු කිරීමේ පුණ්‍යකර්මය සඳහා මහා සංඝරත්නය ද, දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා ද, ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී විය.












