ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී නාවික හමුදාධිපතිතුමන් ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තානාපතිතුමන් හා සුහද කතා බහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.




