ඉරනතිව් ක්රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
වසරේ මුල් දින 40ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, ක්රිස්තියාණි බැතිමතුන් 800කගේ පමණ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් ගේ සහායෙන් පෙබරවාරි මස 12 වන දින ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. නච්චිකුඩා ප්‍රදේශයට නාවික සැතපුම් 6ක පමණ බටහිර දෙසින් ඉරනතිව් දූපත පිහිටා ඇත. පව් සමා කර ගැනීමේ යාඥාවකින් අනතුරුව දූපතේ පිහිටි දේවස්ථානය දක්වා බැතිමතුන් ගේ කරමතින් කුරුසිය රැගෙන යමින් මෙම මංගල්‍යය ආරම්භ වේ.
වසරක් පාසා පැවැත්වෙන මෙම මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීම ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදු කරනු ලබන අතර, පානීය ජලය ලබාදීම, වෛද්‍ය පහසුකම් සැලසීම, විදුලි බල පහසුකම් සැලසීම මෙන්ම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම එම කාර්යයන් අතර ප්රමුඛ වේ. එමෙන්ම දූපත වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායමක් සහ යාත්‍රාවක් ද නාවික හමුදාව මගින් යොදවනු ලැබිණි.
දේව මංගල්‍යය නිමාවීමෙන් පසුව, එය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් දක්වනු ලැබූ සුවිශේෂී සහාය මීසම භාර පූජක තුමන්ගේ හා බැතිමතුන්ගේ නොමද ඇගයීමට හා ප්‍රසාදයට ද ලක්විණි.





