උතුරු නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
උතුරු නාවික විධානයේ අලුතින් ඉදිකරන ලද ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය අද (20) උදෑසන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් වීවෘත කෙරිණි. කන්කසන්තුරය, ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේ ඉදි කෙරුණු මෙම ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් විය.
මෙම ක්‍රීඩා සංකීර්ණය මනා ඉඩකඩකින් හා නරඹන්නන්ගේ පහසුව සඳහා ඉදිකෙරුණු වේදිකාවක් ද සහිතව නිමවා ඇත. දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකෙරුණු එය උතුරු විධානයේ රාජකාරී කරන නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප් නංවා ගැනීම සඳහා වඩාත් ඉවහල්වනු ඇත.





