කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ආරාධිතයකු වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද (01) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගරු අශෝක් අබේසිංහ මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු ප්‍රභූ ආරාධිතයින් රැසක් ද මෙම ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී විය.
පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ අලංකාර පිළිගැනීමෙන් උත්සවයකින් ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව විදුහල්පතිතුමා විසින් ඔවුන් ක්‍රීඩා පිටියේ ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීය. දරු දැරියන්ගේ දක්ෂතා වලින් වර්ණවත් වූ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දී කුසලතා දැක්වූ දරුවන් වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සුරතින් ත්‍යාග ප්රදානය සිදු කෙරිණි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හා පොලිස් නිලධාරීන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකෙරෙන මෙම විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරේ. කුරුණෑගල වැවගෙදර කනිෂ්ඨ විද්‍යාලය වශයෙන් පැවති මෙම විදුහල, ආරක්ෂක සේවා විද්‍යාලය වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉතා සුවිශාල වැඩ කොටසක් සිදුකෙරෙන අතර, නාවික හමුදා සාමාජිකයින් 44 දෙනෙකු එහි ඉදිකිරීම් කටයුතු සඳහා මේ වන විටත් යොදවා ඇත.











