නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කෙරේ
ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයට අනුයුක්තව සේවය කරන නායක නැවි සුනන්ද ජයලත් වෙත නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදලින් ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කිරීම අද (2) නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් මෙම ත්‍රී රෝද රථය නාවිකයා වෙත පරිත්‍යාග කෙරුණු අතර, සෙමෙන් මනස වැඩෙන රෝගී තත්ත්වයෙන් පෙළෙන එම නාවිකයාගේ දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන යාමේ පහසුව වෙනුවෙන් මෙම ත්‍රී රෝද රථය පරිත්‍යාග කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා සහ අධ්යක්ෂ නාවික සුභසාධක කොමදෝරු රොහාන් ගුණවර්ධන මහතා සහභාගී විය.

