පරෙවි දූපත අසල අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට
ත්‍රිකුණාමලය, නිලාවේලි, පරවි දූපත අසල මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු “විජයබා” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මාර්තු 2 සහ 3 යන දිනයන් හි අත්අඩංගුවට ගන්නා ලදී. ජාතික උද්‍යානයක් වශයෙන් නම් කර ඇති පරවි දූපත අසල මසුන් ඇල්ලීම තහනම් වන අතර, එය නොගැඹුරු කොරල් පර සහිත ඉහළ ජෛව විවිධත්වයකින් යුත් කලාපයක් වේ.
එම ධීවරයින් පිරිස සමග ඩිංගි යාත්‍රා 2ක්, ඔක්සිජන් සිලින්ඩර් 12ක්, කිමිදුම් මුහුණු ආවරණ 3ක්, කිමිදුම් වරල් යුගල් 3ක් හා අතංගු දැල් 3ක් ද අත්අඩංගුවට පත්විය. ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මෙම ධීවරයින් පිරිස හා ධීවර ආම්පන්න ගෝපාල්පුරම් වනජීවී නිලධාරී වෙත සහ කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි