ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය ප්රදානය කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීමේ තෙවන අදියර වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී අද (4) සිදු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන්ගේ හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීම සිදුවිය. මෙමගින් ඔවුන් හට ණය මුදල් පියවීමට, නිවාසයන්හි අළුත්වැඩියාවන් සිදුකරගැනීමට මෙන්ම දූදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඇතුළු වෙනත් මූල්‍ය අවශ්‍යතාවයන් රැසක් සපුරා ගැනීමට හැකි වනු ඇත.
මෙම අවස්ථාවට ආඥාපති බටහිර නාවික පෙදෙස රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, බටහිර විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් සහ ණය මුදල් හිමි වූ ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ පවුල් වල සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.