ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා වශයෙන් කටයුතු කරන අතිගරු බ්‍රයිස් හච්සන් මහතා අද දින (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එම අවස්ථාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් ජේසන් සියර්ස් මහතා ද එක් විය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත විය. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





