කේරළ ගංජා කිලෝ 6.5 ක් සමඟ ඉන්දීය ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා මුර සංචාරක යාත්රාවක් විසින් අද (20) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශයේ දී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්රෑම් 6.5 ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. මේ සමඟ ප්රවාහනය සඳහා යොදාගත් ධීවර යාත්රාව සහ එහි තිබූ ධීවර ආම්පන්නද නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.



