ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ඇතුළු නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා, මිනිස් ජාවාරම් පිළිබද සොයාබැලීමේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇන්ඩෘ ගොලෙඩ්සිනොස්කි මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමාවේ මෙහෙයුම් සඳහා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇන්ඩෘ විලියම් බොට්රෙල් මහතා ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු නියෝජිතයන් පිරිසක් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන්, මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්රයත්නය සහ ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අගය කරන ලදී. තවද, ශ්‍රී ලංකාව තුල සිදු කරන මිනිස් ජාවාරම් මැඩලීමට කටයුතු කිරීම මෙන්ම දෙරට අතර පවතින සහයෝගීතාවය පිළිබදව ද ඔවුන් එහිදී නාවික හමුදාධිපතිතුමන් සමග සුහද කථාබහක නිරතවිය. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





