උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට
අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (7) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ධීවර යාත්රාව ඉදිරි කටයුතු සඳහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.


