ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශක්ති පුහුණු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් ද්විත්වයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති යන නෞකාවන් 2016 අප්‍රේල් 5 වන දින පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායෙන් මාලදිවයින බලා පිටත්ව යන ලදී. එම නෞකාවන් අද (7) උදෑසන මාලදිවයිනේ මාලේ වරාය වෙත සේන්දු විය. එහිදී මාලදිවයින් සම්ප්‍රදායානුකූලව නෞකාවන් පිළිගත් අතර, මෙම සංචාරය සඳහා නෞකා දෙකෙහි නිලධාරීන් සහ නාවිකයන් 249 දෙනෙකු මෙන්ම පුහුණු වන නිලධාරීන් 28 දෙනෙකු ද සහභාගී විය.
නෞකාවන් දෙකෙහි අණදෙන නිලධාරීන් වන කපිතාන් පූජිත විතාන මහතා සහ කපිතාන් ප්‍රියල් විතානගේ මහතා අද (7) මාලදිවයිනේ ශ්‍රී ලංකානු මහ කොමසාරිස්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ මාලදිවයින් වෙරළාරක්ෂක බළකායේ අණදෙන නිලධාරී හමුවීය. තවද, නෞකාවන්හි කාර්යය මණ්ඩලය සඳහා මාලදිවයින් රාජ්‍යයේ ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයන් රැසක් නැරඹීමටද අවස්ථාව සළසා දී ඇත. එමෙන්ම, දෙරට අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් අප්‍රේල් 8 වන දින පා පන්දු හා පැසි පන්දු තරඟ පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත. සුරනිමල සහ ශක්ති යන නෞකාවන් මාලදිවයින් වෙරළාරක්ෂක බලකායේ නෞකා සමග නාවික පුහුණු අභ්‍යාසයන් සඳහා සහභාගී වීමෙන් අනතුරුව අප්‍රේල් මස 10 වන දින නැවත දිවයින බලා පිටත්වීමට නියමිතය.










