ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ත්‍රිකුණාමලයේ නිල සංචාරයක නිරත වෙයි
දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය ඊයේ (15) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ සංචාරයක් සඳහා එක්විය.
එහිදී ඔවුන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක්ද පවත්වන ලදී. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.
ඉන් අනතුරුව ඔවුන් නාවික තඨාකංගනයේ සංචාරයක් සඳහා සහභාගී වූ අතර, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ අනෙකුත් නාවික පුහුණු පාසල්හි පහසුකම් සම්බන්ධයෙන් ද නිරීක්ෂණයක චාරිකාවක යෙදුණි. එම අවස්ථාවේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු රෝහිත පෙරේරා මහතා විසින් වයිස් අද්මිරාල් ලුත්‍රා මහතා පිළිගන්නා ලදී.
4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ සංචාරය කළ ඔවුන් වේග ප්‍රහාරක යාත්‍රාවක නැගී ත්‍රිකුණාමලය වරාය අශ්‍රිත මුහුදු ප්‍රදේශය නැරඹීමටද කටයුතු කරන ලදී. තවද, මෙම අවස්ථාව සඳහා කොමදෝරු නන්දන ජයරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක්ද එක්විය. මෙම නිල සංචාරය අවසානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වයිස් අද්මිරාල් ලුත්‍රා මහතා සහ එම මැතිනිය වෙනුවෙන් රාත්‍රී බෝජන සංග්‍රහක් පිළිගැන්වූ අතර, මෙම නිල සංචාරය සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද එහිදී සිදු කරන ලදී.

























