ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් උස්වැටකෙයියාව මුහුදු තීරය පිරිසිදු කරයි
පසුගිය 15 වනදින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවන්ගෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණයට අයත් ඉන්දියානු නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් විසින් අද (16) ඒකාබද්ධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, ඔවුන් අද උදෑසන උස්වැටකෙයියාව අවට කිලෝමීර් 4 කට ආසන්න මුහුදු තීරය ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ කටයුතු කණ්ඩායම් දෙකක් වශයෙන් ක්‍රියාත්මක කරන ලදී. එම කර්තව්‍යයෙන් අනතුරුව උස්වැටකෙයියාව ක්ලබ් හවුස් හිදී ඔවුන් විසින් කිරිබත් සහ රස කැවිළි සමග උදෑසන ආහාරය ලබා ගත් අතර, එම කර්තව්‍යයන් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඉන්දික ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරිණි. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් 91 දෙනෙකු සහ ඉන්දීය නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් 143 දෙනෙකු සහභාගී විය.








