පුහුණු සංචාරයක් සඳහා පැමිණි ඉන්දියානු නෞකාවන් හිදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
සිව් දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකා ත්‍රිත්වයේ උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, ඉන්දියානු නාවික නෞකා තීර් හිදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (18) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.
මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම මැතිතුමා සහභාගී විය. ඊට අමතරව එම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතිගරු, වයිකේ සින්හා මහතා ඇතුළු විදේශීය තානාපතිවරුන්, ආරක්ෂක උපදේශකවරුන් මෙන්ම ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ප්‍රභූ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් රැසක් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද සහභාගී විය.
උත්කර්ශවත් අයුරින් පැවති මෙම පිළිගැනීමේ උත්සවය තවදුරටත් වර්ණවත් කරමින් ඉන්දීය නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මියුරු සංගීතයෙන් හා නර්තනයන්ගෙන් හැඩගැන්විණි. පැමිණි ආරාධිතයින් හට එහිදී ඉන්දීය නාවික නිලධාරීන්ගෙන් ඉතාමත් ඉහළ පිළිගැනීමකි ලැබුනු අතර, ප්‍රනීත රාත්‍රී බෝජන සංග්‍රහයක්ද ඔවුන් හට පිළිගැන්විණි. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කරන ලදී. පුහුණු සංචාරය ඉතා සාර්ථකව නිමාවට පත් කරමින් එම නෞකාවන් ත්‍රිත්වය අද (19) උදෑසන දිවයිනෙන් පිටත්විය.















