ශ්‍රී ලංකාවේ පකිස්තාන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පකිස්තාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා අද දින (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.මෙම නිල හමුව සනිටුහන් කරමින් කර්නල් ඉර්ෂාද් ඛාන් මහතා හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදුවිය.

