වැදගත් සිදුවීම්
ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ඉන්දීය නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් සට්ලේජ් සහ සුනයිනා වන නෞකාවන් දෙක අද (21) කොළඹ වරායට සේන්දු විය.
22 May 2016
ගංවතුරෙන් විපතට පත් ජනතාවට තවදුරටත් නාවික හමුදාවෙන් උපකාර

පසුගිය දින කීපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (21) සවස වන විට නාවික හමුදාව විසින් පුද්ගලයන් 22,675 දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ආරක්ෂිත ස්ථානයන් කරා ප්රවාහනය කර ඇති අතර, පුද්ගලයන් 106,520 දෙනෙකු සඳහා පිසූ ආහාර සහ පානීය ජල බෝතල් බෙදා දීමට ද කටයුතු කර ඇත.
21 May 2016